ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ක්‍රියාත්මක මෝටර් රථ සමාගමක් පැයට කිලෝමීටර් පන්සියයකට අධික වේගයෙන් ධාවනය කළ හැකි මෝටර් රථයක් නිෂ්පාදනය කර තිබෙනවා.
වී එයිට් වර්ගයේ එන්ජිමකින් සමන්විත මෙම මෝටර් රථය ඉතා සැහැල්ලු බාවයකින් යුක්තව නිෂ්පාදනය කිරීමට නිෂ්පාදකයන් සමත් වුණා. එහි සම්පුර්ණ බර රාත්තල් දෙදහස් නවසිය අනූ අටක් පමණක් බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මෙය ලෝකයේ වේගවත්ම මෝටර් රථය බවට පත් වීමේ ඉඩකඩක් ඇති බවද මෝටර් රථ විශේෂඥයන් කියා සිටිනවා. රථයේ වටිනාකම ඇමෙරිකා ඩොලර් ලක්ෂ විසි එකක් පමණ වනවා. මීට පෙර 2014 වසරේ දී නිෂ්පාදනය කළ වේගවත්ම මෝටර් රථය ධාවනය කළ හැකි උපරිම වේගය වන්නේ පැයට සැතපුම් දෙසීය හැත්තෑවක් පමණයි.