ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව පරිසර හිතකාමී අයිඩියා සෙවිලි තහඩු බෙදා හැරීමට කටයුතු කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ දේශීය නිෂ්පාදකයන් දිරි ගැන්වීමේ ඉලක්කය යටතේයි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ. දේශීය නව නිපැයුම්කරුවෙකු වන සම්පත් මායා කඩුව මහතා පරිසර හිතකාමී අයිඩියා සෙවිලි තහඩු නිෂ්පාදනය කර තිබෙනවා. මෙම සෙවිලි තහඩු රාජ්‍ය ආයතනවලට ෙබදා හැරීමේ ඒකාධිකාරී අයිතිය රජයේ විවිධ නීතිගත සංස්ථාවට භාර දීම සදහා පැවති මාධ්‍ය හමුකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේ ලොව පුරා ඇස්බැස්ටස් සෙවිලි තහඩු භාවිතය අවම කරමින් තිබෙන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/CPUpMj0preY”]