මාදිවෙල – බටහිර නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය අගමැති සුරතින් ජනතා අයිතියට
Related Articles
මාදිවෙල – බටහිර නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් විය.
කි.මී. 1.5 ක ඇවිදීමේ මංතීරුවක්, කි.මී. 1.5 ක දිගින් යුත් පාපැදි මංතීරු දෙකක්, ළමා උද්‍යානයක්, අංග 08 කින් සමන්විත එළිමහන් ව්‍යායාම් ප්‍රදේශයක්, එකවර රථ 40 ක් ගාල් කළ හැකියි.
රථගාලක්, ප්‍රධාන මාර්ගයට සමාන්තරව රථවාහන ගාල් කිරීමේ ප්‍රදේශයක් සහ යල මහ කන්න දෙකම වගාකිරීමට ජලය සපයා දිය හැකි වැව් දෙකක් මෙම ව්‍යාපෘතියට අයත්ව තිබිණි.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අක්කර 23ක ප්‍රදේශයක් පුරා පැතිර පවතින මෙම සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ ආරම්භවූයේ පසුගිය අප්‍රේල් මස 21 වැනි දා ය.
කොවිඩ් -19 පළමු රැල්ල පැතිරයන අවස්ථාවේ විවිධ බාධක මැද ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මාස අටක පමණ ඉතා කෙටි කාලයක් තුළ ජනතා අයිතියට පත් කිරීම උදෙසා නාගරික සංවර්ධ හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවැසි උපදෙස් ලබා දුන්නේය.
කොවිඞ් – 19 අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් රටේ සංවර්ධන ව්‍යාපෘතින් ද ක්‍රියාත්මක කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යාංශ නිලධාරින්ට දුන් උපදෙස් මත මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට කටයුතු කර තිබේ.
ව්‍යාපෘතියට අදාළ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන ලදී. ඊට වැය කළ මුළු පිරිවැය රුපියල් මිලියන 390 ක් වේ.