තවත් කොරෝනා මරණ තුනක් සිදුව තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 157 දක්වා ඉහළ ගියා.
කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක කාන්තාවක කොවිඩ් නිව්මෝනියාව හේතුවෙන් පෞද්ගලික රෝහලකදී ජීවිතක්ෂයට පත්වුණා. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද සිය නිවසේ දී මියගොස් තිබෙනවා. කොරෝනා හේතුවෙන් මියගිය අනෙක් පුද්ගලයා කොළඹ 15 මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 84 ක අයෙකු බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.