LPL තරගාවලියේ අවසන් මහා තරගය අද (16) රාති‍්‍රයේ පැවැත්වෙනවා. ඒ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදී.
ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතරයි අවසන් තරගය පැවැත්වෙන්නේ. පසුගිය සදුදා පැවති අවසන් පූර්ව තරගයේ දඹුල්ල වයිකින් කණ්ඩායම පරාජයට පත්කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්වුණා.
තරගාවලියේ මෙතෙක් පැවති තරගවලින් ලකුණු 328 ක වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන සිටින්නේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ දනුෂ්ක ගුණතිලක. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වනිදු හසරංග කඩුලු 16 ක් ලබාගනිමින් වැඩිම කඩුලු ලබාගත් කි‍්‍රඩකයන් අතර පෙරමුණේ පසුවනවා.
රාති‍්‍ර 7 ට ආරම්භ වන තරගය වසන්තම් ටී වී සහ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරිමටයි පියවර ගෙන තිබෙන්නේ.
තරගයේ විශේෂ අවස්ථා පිළිබඳ තොරතුරු ලක්හඬ ගුවන් විදුලිය සහ වසන්තම් එෆ් එම් ඔස්සේද විකාශය කෙරෙනවා.