fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනුරාධපුර මාරක රිය අනතුරක් – මව සහ පුතු මරුට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2020 09:52

පාදෙණිය අනුරාධපුර මාර්ගයේ පහළ බලල්ල දේවාල හංදියේ සිදුවූ රිය අනතුරකින් 32 හැවිරිදි මවක් සහ ඇගේ තුන් හැවිරිදි දරුවා ජීවිතක්ෂයට පත්වුණා.

ඔවුන් මාර්ගයේ රැඳී සිටියදී කැබ් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. මියගොස් ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්.

අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ රියදුරු හා එහි ගමන් කළ පිරිස බීමත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ ගමන් ගත් පුද්ගලයන් 8දෙනෙකු මහව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇත. රියදුරු සහ තවත් දෙදෙනෙකු පළාගොස් ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2020 09:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්