fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාස හතරකට පසු ඉන්දියාවේ දෛනික අඩුම ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2020 13:57

මාස හතරක කාලයකට පසු ඉන්දියාවේ දෛනිකව වාර්තා වූ අඩුම කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ හමුවී තිබෙනවා.

ගතවූ පැය 24 ට ඉන්දියාවෙන් හමුවී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසිඑක්දහස් හත්සිය අනූඑකක්. ඒ සමගම එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අනූනව ලක්ෂ හයදහස් පන්සිය හතක් දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේ දී ඉන්දියාවේ කොරෝනා මරණ 353 ක් සිදුව ඇති අතර මේ වනවිට එරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව එක්ලක්ෂ හතලිස් තුන්දහස් හත්සිය හතලිස්හයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.

කෙසේ වුවද ඉදිරි දින කිහිපය තුළ උෂ්ණත්වය පහළ යාමත් සමග ආසාදිත සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2020 13:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්