මත්පැන් පානය කිරීමෙන් පසු මීරිගම ප්‍රදේශයේ දී පුද්ගලයන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
මීරිගම මොට්ටෑවවත්ත ප්‍රදේශයේදී පුද්ගලයන් 04 දෙනෙකු අවමංගල්‍යකින් පසු මත්පැන් පානය කර ඇති අතර එහිදී අසනීප වූ තුන් දෙනෙකු රෝහල් ගත කෙරුණා. ඒ අතුරින් දෙදෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්වුණා. මිය ගිය දෙදෙනා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි සහෝදරයින් වනවා. මෙම පුද්ගලයන්ට මත්පැන් ලබාදුන් තැනැත්තා ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වරාය ආශ්‍රිතව සේවය කරන පෞද්ගලික සමාගමක කන්ටේනර් රථ රියදුරෙක්. එම මත්ද්‍රව්‍යවල අඩංගු දෑ මෙන්ම මත්පැන් රැගෙන ආ ආකාරය පිලිබදවද විමර්ශන ක්‍රියාත්මකයි.
විවිධ පුද්ගලයන් ලබාදෙන මෙවැනි විෂ මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් සිදු වන පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළයමින් පවතිනවා. මීට පෙර මෙවැනිම සිද්ධියකින් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.