fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජෝ බයිඩ්න් මැතිවරණ කොලේජ 306 ක ජයග්‍රහණය ලබා ගනී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2020 09:11

තේරී පත් වූ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය සහතික කරමින් ඇමෙරිකාවේ මැතිවරණ කොලේජ 306 ක ජයග්‍රහණය ලබා ගැනීමට ඊයේ දිනයේ දී ඔහු සමත් වුණා.

ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වූ පුද්ගලයෙකු ජනප්‍රිය ඡන්දවලින් ජයග්‍රහණය කළද ඔහුගේ ජයග්‍රහණය සහතික කිරීම සදහා මැතිවරණ කොලේජ 270 කට වඩා වැඩි සංඛ්‍යාවක් ලබා ගත යුතු වනවා. ඊයේ දිනයේ පැවති මැතිවරණ කොලේජ ඡන්ද විමසීමෙන් මැතිවරණ කොලෝජ 306 ක ජයග්‍රහණයක් ජෝ බයිඩ්න්ට හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. පැවති මැතිවරණය දූෂිත බව පවසමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගොනු කළ පෙත්සම් රැසක් ද එරට අධිකරණය සළකා බැලීමකින් තොරවම ප්‍රතික්ෂේප කළා. කෙසේ වුවද ජනාධිපතිවරයා තවදුරටත් පවසන්නේ මැතිවරණයේ ජයග්‍රහණය තමා සතු බවයි. මැතිවරණ කොලේජ ජයග්‍රහණය කිරීමත් සමග  තේරී පත් වූ ජනාධිපති ජෝ බයිඩ්න් ජනවාරි 20 වන දින ඇමෙරිකාවේ හතළිස් හයවන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2020 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්