fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන සතියේ සිට ජර්මනියේ නිරෝධායන නීති ක්‍රියාත්මක කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2020 16:09

ජර්මනියෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමගම නව නිරෝධායන නීති පැනවීමට පියවර ගෙන තිබෙනවා.

ලබන සතියේ සිට නව නීති ක්‍රියාත්මක බවයි ජර්මන් චාන්සලර් ඇන්ග්ලා මර්කල් සදහන් කරන්නේ. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අලෙවිසැල්, පාසල්,මත්පැන් අලෙවිසැල් හා රූපලාවන්‍ය මධ්‍යස්ථාන ඒ අනුව වසා දැමෙනු ඇති. මහජන ඒකරාශීවීම්, පුද්ගලයින් පස් දෙනෙකුට පමණක් සීමා කර තිබෙනවා. රජයෙන් පැන වූ මෙම නීති සදහා ජනතාවගේ පූර්ණ සහාය හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. එළඹෙන උත්සව සමයේදී වයිරස ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් සිදුවනු ඇති බවට අනුමාන කෙරෙන අතර එය වැළැක්වීම සදහා නව නීති පනවා තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2020 16:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්