ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් හා කලම්බු කින්ග්ස් අතර පැවති තරගයෙන් කඩුලු දෙකක ජයක් හිමි කර ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගාල්ල ක්‍රීඩකයන්ට හැකියාව ලැබුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් පළමුවෙන් පන්දුවට පහරදීමට කලම්බු කින්ග්ස් කණ්ඩාමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ලකුණූ පුවරුව 03 ක් පමණක්ය තිබියදී පළමු කඩුල්ල ලෙස එක් ලකුණක් ලබා සිටි ලහිරු උදාර දැවී ගියා. දිනේෂ් චන්දිමාල්ට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 14 ක් පමණයි. අගනා ඉනිමක් දියත් කළ බෙල් ඩ්‍රමන්ඩ් ලකුණු 70 ක් ලබා ගත්තේ හයේ පහර 03 ක් සහ 04 පහර 04 ක් සමගයි. නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු අනෙක් කිසිදු ක්රීඩකයකුට සැළකිය යුතු ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම ඉඩක් ලබා දුන්නේ නැහැ. නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09 ක් දැවී ලකුණූ 150 ක් ලබාගැනීමට කලම්බු කින්ග්ස් ක්‍රීඩකයන් සමත් වුණා. ****
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමේ ලකුණු පුවරුව 13 ක්ව තිබියදී ධනුෂ්ක ගුණතිලක දැවී ගියා. අසන් අලී ලකුණු නොලබා දැවී ගියේ ගෝල් ග්ලැඩියේටර්ස් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු යම් තරමකට බොද කරමින්. කෙසේ වෙතත් භානුක රාජපක්ෂ හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 33 ක් ඉනිමට එක් කළා. අසන් ඛාන් ලකුණු 21 ක් ලබා ගත්තේ හතරේ පහර තුනක් සහ හයේ පහරක් සමගයි. ෂෙහාන් ජයසූරිය ලකුණු 22 යි. කණ්ඩායමට අවශ්‍යම මොහොතේදී ක්‍රියාත්මක වූ ධනංජය ලක්ෂාන් පන්දු 23 කදී නොදැවී ලකුණු 31 ක් ලබා ගත්තේ හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමගයි. තරගයේ 19 වන පන්දු වාරයේ අවසන් පන්දු දෙක තුළ ගෝල් ග්ලැඩියේටස් ක්‍රීඩකයන්ට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු හතරක් අවශ්‍ය වුණා. අවසන් පන්දුවාරයේ පස්වන පන්දුවේදී ලක්ෂාන් සදකැන් එල්ල කළ අගනා හතරේ පහරත් සමග ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම තරගයේ ජයග්‍රහණය සියතට ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
එල්පීඑල් තරගාවලියේ මීලඟ අවසන් පූර්ව තරගය අද රාත්‍රී 07 ට ආරම්භ වන්නේ දඹුල්ල වයිකින්ග් හා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතරයි. ගෝල් ග්ලැඩියේටස් හා අද තරගයේ ජයග්‍රහණය ලබන කණ්ඩායම ලබන 16 වෙනිදා එල්පීඑල් කුසලානය වෙනුවෙන් අවසන් මහා තරගයට පිවිසීමට නියමිතයි. එල්පීඑල් සජීව තරග උනුසුම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වසන්තම් ටී.වී. ඔස්සේ ඔබට විදගත හැකියි.