මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා අද වැඩ භාර ගත්තා. ඒ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි අමාත්‍යාංශ පරිශ්රයේදීයි.
ජගත් අල්විස් මහතා වැඩ භාර ගැනීමේ අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා යන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේයි නව ලේකම්වරයා වැඩ භාර ගැනීම සිදුකළේ.