උතුරු කොරියාවේ පියොං යැං අගනුවරට හිම පතනය වීම ආරම්භ වී තිබෙනවා.
හිමපතනය පිළිබඳ එරට රජයේ රූපවාහිනී ජාලය පල කර තිබූ වීඩියෝ දර්ශන බටහිර මාධ්‍යවලද ප්‍රදර්ශනය කෙරුණා. කෙසේ වෙතත් මෙම වීඩියෝ දර්ශන තහවුරු කර ගැනීම සඳහා ක්‍රමයක් නොමැති බවයි රොයිටර්ස් ආයතනය සඳහන් කළේ. ඇතැම් ප්‍රදේශවලට සෙන්ටිමීටර් 05 ක ඝනකමින් යුතු හිම තට්ටු වැටී ඇති බව උතුරු කොරියා මාධ්‍ය පැවසුවා. සාමාන්‍යයෙන් හිමපතනය සිදුවන කාලසීමාවට වඩා මෙවර දවස් 29 ක්. ප්‍රමාද වී හිම වැටීම ආරම්භ වූ බවද උතුරු කොරියා මාධ්‍ය සඳහන් කළා.