ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ කොංග්රසය අතර මතභේදකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ ආරක්ෂක පිරිවැය සම්බන්ධයෙනුයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සඳහන් කර ඇත්තේ තමන් ජාතික ආරක්ෂක අධිකාරී පනත නිශේධ බලය ඔස්සේ පරාජය කිරීමට සූදානම් බවයි. ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැය වශයෙන් ඇමෙරිකා ඩොලර් බිලියන 740ක මුදලක් වෙන් කර තිබෙනවා. කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්රම්ප් සිය පාලන කාලය තුලදී නිශේධ බලය කිසිඳු පනතක් ආපසු හැරවීම සඳහා භාවිත කර තිබුණේ නැහැ. ජනාධිපතිවරයාගේ නිශේධ බලය භාවිත කිරීමක් නැවැත්වීමට නම් සෙනෙට් සභාව තුළ තුනෙන් දෙකක බලයක් ලබා ගත යුතුවනවා. මේ වන විටත් ඇමෙරිකා සෙනෙට් සභාවේ පාලන බලය ඩොනල් ට්රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුව ඇති බැවින් මෙම ගැටලුව සංකීර්ණ අතට හැරී තිබෙනවා.