ෆයිසර් බයෝටෙක් සමාගම් වයිරසයට එරෙහිව නිෂ්පාදනය කළ එන්නත හෙට දිනයේ දී මහජනතාව වෙත ලබාදීම ආරම්භ කරන බව ඇමෙරිකා සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.
ඇමෙරිකාවෙන් වාර්තාවන දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍ර යෙන් ඉහළ යාමත් සමඟ හදිසි අවස්ථාවක් ලෙස සලකා ෆයිසර් එන්නත භාවිතා කිරීමට ඇමෙරිකා රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව එන්නත් ඒකක මිලියන තුනක් සියලු ප්‍රාන්ත වෙත ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ. එය හෙට දිනයේ දී ජනතාවට එන්නත් කිරීම ආරම්භ කිරීමට නියමිතයි. ගතවූ පැය 24 ට ඇමෙරිකාවෙන් කොරෝනා මරණ තුන්දහස් තුන්සිය නවයක් වාර්තාවී ඇති අතර එක්දිනක් තුළ රටකින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ද මෙය වනවා. පසුගිය මාසයේ සිට ඇමෙරිකාවෙන් හමුවන කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.