වර්ජීන් අභ්‍යවකාශ යානය මගීන් සමඟ අභ්‍යවකාශ ගත කිරීමට සූදානම්
Related Articles
වර්ජීන් අභ්‍යවකාශ යානය මගීන් සමඟ අභ්‍යවකාශ ගත කිරීමට සූදානම් බව සර් රිචඩ් බ්‍රැන්සන් සමාගම නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
2021 වසරේදී අභ්‍යවකාශ සංචාර නිල වශයෙන් ආරම්භ කරන බවට සර් රිචඩ් බ්‍රැන්සන් සමාගම මීට පෙර දැනුම් දී තිබුණා. ඒ අනුවයි වර්ජීන් ග්ලැස්ටික් යානය සිය අත්හදා බැලීමේ චාරිකාව ආරම්භ කිරීමට සූදානම් වී තිබෙන්නේ.
ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ සිට අභ්‍යවකාශ යානය පිටත් වීමට නියමිතයි. අත්හදා බැලීමේ ගමන සදහා සහභාගිවන්නේ කාර්ය මණ්ඩලය පමණයි.
දැනටමත් මගීන් හයසිය දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර සුප්‍රසිද්ධ ගායක ජස්ටින් බීබර් සහ නලු ලියනාඩෝ ඩිකැප්රියෝ ද ඒ අතර වනවා.