පසුගිය පැය විසි හතරක කාලය තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් තිස් දහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.
එම සංඛ්‍යාව 30,034 කි.
ඊයේ (11) දිනයේ එරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 440 ක්. ලක්ෂ අනූ හතකට වැඩි පිරිසකට එරට තුළ කොරෝනා වයිරසය වැළදී ඇති බව සදහන්. පසුගිය පැය විසි හතර තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්.එම සංඛ්‍යාව හාරදහස් දෙසීය හැට අටක්. කර්ණාටක ආන්ද්‍රා ප්‍රදේශ් තම්ල්නාඩු සහ කේරළ ප්‍රාන්තවල කොරෝනා රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් පවතින බව එරට වාර්තා සදහන් කරනවා.