සුළි කුණාටුවක් හේතුවෙන් හොන්ඩුරාස් රාජ්‍යයට දරුණු බලපෑම් එල්ලවී තිබෙනවා.
සෙන්පෙඩ්රෝසුලා නගරයට දැඩි හානි සිදුව ඇති බවයි ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ. පසුගිය මාසයේ හොන්ඩුරාස් රාජ්‍යයට බලපෑ එටා සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක්වූ පිරිස් තවමත් ජන ජීවිතය යථා තත්ත්වයට පත්කර ගැනීම සදහා දැඩි උත්සාහයක නිරතවනවා.
ආර්ථිකමය වශයෙන් ද හොන්ඩුරාස් රාජ්‍යයට ගැටලු රැසකට මුහුණපෑමට සිදුව තිබෙනවා.
හොන්ඩුරාස්හි ජනගහනයෙන් හරි අඩක් සුළි කුණාටු හේතුවෙන් අවතැන්වී සිටින බවයි වාර්තා වන්නේ.