දඹුල්ල වයිකිං කණ්ඩායමට එරෙහි තරගය කඩුලු හයකින් ජයගැනීමට කලම්බු කිංග්ස් කන්ඩායම සමත්වුණා.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයයි ඊයේ (11) පැවැත්වුණේ. කාසියේ වාසිය දිනූ කලම්බු කිංග්ස් කන්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දඹුල්ල වයිකිං කණ්ඩායමට ලබාදුන්නා. ඒ අනුව පන්දුවාර 20 අවසානයේ ඔවුන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 203 ක්. ඇන්ජලෝ පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල අර්ධ ශතක ලබාගත්තා.
පිළිතුරු ඉණිම ක්‍රීඩාකළ කලම්බු කිංග්ස් කන්ඩායම පන්දුවාර 18 යි පන්දු පහක් අවසානයේදී සිය ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වුණා. බිදවැටුණු කඩුලු සංඛ්‍යාව 4 ක්. ලෝරි ඉවාන්ස් සහ කයිස් අහමඩ් අර්ධ ශතක රැස්කර ගත්තා. තරගයේ වීරයා ලෙස නම්කළේ කලම්බු කිංග්ස් කන්ඩායමේ කයිස් අහමඩ්.
මේවන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත්වී සිටිනවා. දෙවන සහ තුන්වන ස්ථානයේ රැදීසිටින්නේ දඹුල්ල වයිකිං සහ ජැෆ්නා ස්ටැලියන්ස් කන්ඩායම්.
එල් පී එල් තරගාවලියේ පලමු අවසන් පුර්ව තරගය හෙට පැවැත්වෙනවා. ඒ කලම්බු කිංග්ස් සහ ගෝල්ඩ් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර.