ගාල්ල ප්‍රදේශයේ ගම්මාන හතකට සංචරණ සීමා පැනවීමට ද කටයුතු කර තිබෙනවා.
ගාල්ල මලිද්දූව, කෝන්ගහ. තලාපිටිය, දංගෙදර නැගෙනහිර, දෙද්දුගොඩ උතුර හා දකුණ සහ මකුළුව යන ගම්මානවලට සංචරණ සීමා පනවා ඇති බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ සිංහාරච්චි මහතා පවසනවා.
ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 25 දෙනෙකු හදුනා ගැනීමෙන් අනතුරුව මෙම පියවර ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.