කටාර් සිට පුද්ගලයින් 46 දෙනෙකු, ඕස්ට්‍රේලියාවේ සිට 79 දෙනෙකු සහ ජපානයේ සිට පුද්ගලයින් 12 දෙනෙකු අද (11) උදෑසන මෙරටට පැමිණියා.
එම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර මේ වන විට මධ්‍යස්ථාන 65 ක් තුළ පුද්ගලයින් 6896 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනය තුළ මෙරට සිදු කළ පීසීආර් පරික්ෂණ සංඛ්‍යාව 14416 ක්.
කොරෝනා ව්‍යාප්තිය පාලනයට ඇතැම් ප්‍රදේශ හුදෙකලා කර ඇති පසුබිමක එම ප්‍රදේශවල ජනතාව ඉවසිලිමත්ව කටයුතු කළ යුතු බව පොලීසිය අවධාරණය කරනවා.
උත්සව සමයේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද පොලිස් මාධ්යප්රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙසේ අදහස් පල කළා.