ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඉඩම් අයිතිය නැති සියලු සේවකයින්ට මාස තුනක් තුළ නීත්‍යානුකූල ඉඩම් අයිතිය පිරිනැමෙනවා. ඒ සදහා කඩිනම් පියවර ගන්නැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ පාලනාධිකාරිය හා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණා. පර්චස් හතක ඉඩමක් සෑම සේවකයෙකුටම වහාම ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා අවධාරණය කළේ. රටට ආදායම සොයාදෙන මෙම ක්ෂේත්රයන්ට සාධාරණය ඉටුවිය යුතුයි. විවිධ චක්‍රලේඛ, රේගුලාසි වෙනුවෙන් කාලය නාස්ති නොකර ඔවුන්ට ඉඩම් ලබාදීම කාර්යක්ෂමව සිදුවිය යුතු බවත් අමාත්‍යවරයා නිලධාරීන්ට අවධාරණය කළා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් සියලු සේවකයින්ගේ අර්ථසාධක මුදල් ලබන වසර අවසානයට පෙර ගෙවා අවසන් කළ යුතු බවද අමාත්‍යවරයා පැවසුවා.