මහර බන්ධනාගාරය තුළ රැඳවූවන් කළහකාරී ලෙස හැසිරුන ද ඔවුන්ගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීන් උපරිමයෙන් කැපවන බව බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පවසනවා.
ස්වාධීන රූපවාහිනී තීරණය වැඩසටහනට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද මීට එක්ව සිටියා.
මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ 228ක් සටහන් කරගෙන තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් 70 දෙනෙකු , වෛද්‍යවරුන් 11 දෙනෙකු , හෙද නිලධාරීන් 17 දෙනෙකු , රැඳවූවන් 128 දෙනෙකු මෙම පිරිසට අයත්.
මේ අතර බන්ධනාගාර සිද්ධියේ දී මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ පංච පුද්ගල විශේෂඥ කමිටුවක් මගින් සිදුකිරීමටයි වත්තල අධිකරණය ඊයේ නියෝග කළේ. එම මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු මෘත දේහ සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය පිළිබඳ අධිකරණය නියෝගයක් නිකුත් කිරීමට නියමිතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළව පරීක්ෂණ කඩිනමින් අවසන් කිරීමට නියමිතයි. ඒ අනුව බන්ධනාගාර කැරැල්ලට නායකත්වය දුන් හා ආධාර අනුබල දුන් පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Bh9d_mqs5pA&feature=youtu.be&fbclid=IwAR2oACU8ps24C5tY6sl_iqmLhV6tCbHoX_CW_lrdw1prN3bwj31XRUH2Mt4″]