fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසාත්මිකතා ඇති පුද්ගලයින් ෆයිසර් බයෝ ඇන්ඩ් ටෙක් එන්නත ලබා නොගත යුතු බව නිෂ්පාදකයින් කියයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2020 11:44

ඖෂධ, ආහාර හෝ එන්නත්වලට ආසාත්මිකතා දක්වන පුද්ගලයින් ෆයිසර් බයෝ ඇන්ඩ් ටෙක් එන්නත ලබා නොගත යුතු බව එහි නිෂ්පාදකයෝ පවසනවා.

මෙම එන්නත ලබා ගත් ‍බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට ආසාත්මිකතා ඇතිවීමෙන් පසු මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. නව එන්නත ලබාදීමෙන් සුළු වේලාවකට පසු මොවුන් දෙදෙනා ආසාත්මිකතා රෝග ලක්ෂණ පෙන්වා ඇති අතර ප්‍රතිකාරවලින් පසු මේ වනවිට සුවයෙන් පසුවන බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. මෙම පුද්ගලයන් දෙදෙනාට ආසාත්මික සම්බන්ධයෙන් බරපතළ ඉතිහාසයක් ඇති බවද සඳහන් වනවා. ආසාත්මිකතා ඇති පුද්ගලයින්ට එන්නත ලබාගැනීමෙන් පසු රුධිර පීඩනය පහත වැටීම, හුස්ම ගැනීමේ අපහසුතා හෝ සමේ බිබිලි මතුවීම වැනි ලක්ෂණ පෙන්නුම් කළ හැකි නමුත් ඒවා මාරාන්තික නොවන බවයි ඖෂධ නියාමන ඒජන්සිය පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2020 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්