සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් පැලියගොඩ මත්ස්‍ය වෙළදපොල විවෘත කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් මැනිං වෙළදපල ලබන සදුදා සිට විවෘත කරන ලෙසත් බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන්කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයී. පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලේ පිටවීමේ දොරටු හා මාර්ග කඩිනමින් නිම කළ යුතුයි. වෙළදපොල භූමිය පක්ෂීන්ගෙන් අපවිත්‍ර වීම් වැලැක්වීමට ක්‍රමවේද සකසන ලෙසද ඔහු උපදෙස් ලබා දුන්නා. පෑලියගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ප්‍රමාණවත් නොවන්නේ නම් විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් බදවාගෙන මත්ස්‍ය වෙළදපොලේ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය ශක්තිමත් කරන ලෙස අවධාරණය කළා. පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොල ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ වසර 10 නට පසුවයි. මැනිං වෙළදපොලෙහි පැරණි වෙළදසැල් හිමියන්ට නව වෙළදසැල් ලබාදී අවසන් කර ඇති බවත් අලුතෙන් කිසිවෙකුටත් වෙළදසැල් ලබාදී නැති බවත් නිලධාරීන් පැවසුවා. මැති ඇමතිවරුන් සහ රජයේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.