මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට අදාළ හඩපට සහ වෙනත් තොරතුරු ඉදිරිපත් නොකිරීමට හේතු දක්වන ලෙස නිව්යෝර්ක් අධිකරණය CIA සංවිධානයට නියෝග කර තිබෙනවා.
වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරු ලිපි රචකයකු වශයෙන් කටයුතු කළ ජමාල් කෂෝගි ස්ථාන්බුල් නුවර සෞදි කන්සියුලර් කාර්යාලයේදී ඝාතනය ලක් වුණා. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර සෞදි අරාබියේ කීර්තිනාමයට ද හානියක් සිදු වුණා. මෙම ඝාතනය පිටුපස සෞදි අරාබියේ ඔටුන්න් හිමි කුමරු වන මොහොඩ් බින් සල්මාන් සිටින බවටයි චෝදනා එල්ල වුණේ. CIA සංවිධානය සිදු කළ විමර්ශනට අනුව ද ඝාතනයට මොහොමඩ් බින් සල්මාන් සම්බන්ධ බවට තීරණය කෙරුණා. කෙසේ වෙතත් CIA සංවිධානය අදාළ සාක්ෂි අධිකරණයට ලබාදීමට කටයුතු නොකිරීම පිළිබඳ නිව්යෝර්ක් අධිකරණය දැඩි දෝෂාරෝපනයක් එල්ල කළා.