ප්‍රංශ හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් පස් දෙනෙකු මියගියා.
පෞද්ගලික සමාගමකට අයත් යානය ආපදා මෙහෙයුමකට සම්බන්ධ කණ්ඩායමක් රැගෙන යමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ හය දෙනෙකු එහි ගමන් කළා. නියමුවා හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වන අවස්ථාවේ ඉන් ඉවතට පැන ඇති අතර ඔහු බරපතල තුවාල ලබා ඇති බවයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ.