අද දිනයේ ද රටවල් කිහිපයක සිට ශ්‍රී ලාංකිකයන් දිවයිනට පැමිණ තිබෙනවා.
මාලදිවයින ,කටාර්, සෞදි අරාබිය සහ ඩුබායි සිට ඔවුන් පැමිණි බවයි කෝවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.
අද දිනය තුළ ශ්‍රී ලාංකිකයන් රැගත් තවත් යානා කිහිපයක් දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ ඉන්දියාව , මාලදිවයින , බංග්ලාදේශය , සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල සිටයි.
එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිද හමුදාව මගින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙනවා.