ඇමෙරිකා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජෝ බයිඩ්න් රාජකාරි ආරම්භ කර තම පළමු දින සියය තුළ කොරෝනා වයිරසයට එරෙහි එන්නත් මිලියන 100ක් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.
තමාට කොරෝනා වයිරසය වැළැක්වීමට නොහැකි බවත් එය මැඩලීමට හැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මීට පෙර ඔහු ඇමෙරිකා ජනතාවගෙන් ඉල්ලා සිටියේ තමා රාජකාරි ආරම්භ කර පළමු දින සියය තුළ නොකඩවා මුහුණු ආවරණ පළදින ලෙසයි. මේ වන විට ඇමෙරිකාවෙන් මිලියන 15 කට අධික කොරෝනා රෝගීන් හමු වී ඇති බව සඳහන්. මරණ සංඛ්‍යාව දෙලක්ෂ අසූපන්දහසකට අධිකයි. ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස බයිඩ්න් ජනවාරි 20 වනදා රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.