ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි පස්වනදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළා.
එදින විවාදයට ගනු ලබන කරුණු පිළිබද තීරණය කිරිමට කාරක සභාව යළි රැස්වීමටයි නියමිත. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (08) පැවති රැස්වීමේදී රජයේ මුදල් කාරක සභාවේ සාමාජිකයන් ගණන වැඩිකිරිමටද තීරණය කර තිබෙනවා.
ඒ අනුව ආණ්ඩු පක්ෂයෙන් එක් සාමාජිකයෙක් සහ විපක්ෂයෙන් සාමාජිකයන් දෙදෙනෙකු සමඟ කාරක සභාවේ සාමාජිකයන් ගණන 18 සිට 21 දක්වා වැඩි කිරිමටයි නියමිත.