ලංකා පි්රමියර්ලිීග් කි‍්‍රකට් තරගාවලියේ තවත් තරඟ දෙකක් අද (09) පැවැත්වෙනවා.
16 වන තරගය පස්වරු 3.30 ටයි ආරම්භ වන්නේ. ඒ ජැෆ්නා ස්ටැලියන්ස් සහ කැන්ඩි ටස්කස් කණ්ඩායම් අතර. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම මේ වන විට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිනවා. තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා බලාපොරොත්තු තබාගැනීමට නම් කැන්ඩි ටස්කස් කණ්ඩායම මෙම තරගය ජයගැනීම අනිවාර්ය සාධකයක් .
මේ අතර 17 වන තරගය පැවැත්වෙන්නේ දඹුල්ල වයිකින් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර. එය රාත්‍රි අටට ආරම්භ වනවා.