මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම පිණිස නවක වදය සම්පුර්ණයෙන් මුලිනුපුටා දැමිය යුතු බවත්, ඒ සඳහා ඉදිරි පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.
සිසුන්ට ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදු වූ, වසර ගණනාවක් රෝගී තත්ත්වයට පත් කළ මේ අමානුෂික ක්‍රියාවලිය විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් කිරීමේදී පවතින ප්‍රධාන ගැටලුව ඇතැම් ආචාර්යවරුන් පවා එක්තරා මට්ටමකින් නවක වදය පැවතීම අනුමත කරන මානසිකත්වයක පසුවීම බවත්, කිසිදු ආකාරයකින් එය එසේ නොවිය යුතු බවට ප්‍රබල ජනමතයක් විශ්වවිද්‍යාල අභ්‍යන්තරය තුළ ගොඩ නැගීමෙන් පමනක් මේ තත්ත්වය වෙනස් කළ හැකි බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිළි කළේය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සිසු දරුවන්ට බියෙන් සැකෙන් තොරව අවසන් කිරීමට හා ඉගෙනීමට හැකි පරිසරයක් ගොඩනැගීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා තවදුරටත් පැහැදිළි කළේය.
අමාත්‍යවරයා මේ බැව් පැවසුයේ, පසුගිය දා නවකවදය සිද්ධියක් නිසා දැඩි ලෙස රෝගාතුර වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුවකු වන පසිදු හිරුෂාන් පෙරේරා සිසුවාගේ ඉදිරි අධ්‍යාපනය වෙනුවෙන් ශීෂ්‍යත්වයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාවේ දී සහභාගීවෙමිනි.