වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව “අභිරහස් ලෙස දිගින් දිගටම මාධ්‍යවේදීන් මිය යන බවට ජාතික සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සමග එම පක්ෂයට සම්බන්ධ රාජ්‍ය මාධ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රසන්න දේශප්‍රිය සිල්වා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කර ඇති ප්‍රකාශයක් පිළිබද විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා.
ලේක්හවුස් ප්රගතිශීලී සේවක සංගමයයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ. පසුගිය 25 වනදා පැවති මාධ්‍ය හමුවකදී කාවින්ද ජයවර්ධන මන්ත්‍රිවරයා කර ඇති මෙම ප්‍රකාශයට අදාළ සී ඩී තැටියක් ද ඔවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/fD7PDjUkn9k”]