2021 වසරේ ජනවාරි මාසයේ දී බ්‍රසීලයේ සාවෝ පෝලෝ නගරයේ වැසියන්ට කොරෝනා වයිරසයට එරෙහි එන්නත ලබාදීම ආරම්භ කරන බව ආණ්ඩුකාරවරයා පවසනවා.
චීනයේ නිශ්පාදිත කොරෝනා වයිරසයට එරෙහි එන්නත බ්‍රසීලයට ලබා දීමට එකගතාවය පළවී තිබෙනවා. කෙසේ වුවද බ්රසිල ජනාධිපති ජේර් බොල්සොනාරෝ සාවෝ පෝලෝ ආණ්ඩුකාරවරයාගේ මතයට ප්‍රතිවිරුද්ධ මතයක් දරන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. චීනයේ නිශ්පාදිත එන්නත ලබා දීමට ප්‍රථමයෙන් තවදුරටත් පරික්ෂණ කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සදහන් කරනවා. වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන රටවල් අතර තුන්වන ස්ථානයේ පසුවන බ්‍රසීලයෙන් ආසාදිතයින් හැට හය ලක්ෂ විසි අට දහසක් හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්ලක්ෂ අසූදහසකට ආසන්නයි.