පේරු රාජ්‍යයේ බන්ධනාගාරයකින් පැන යාම සදහා තැනූ උමගක් සොයා ගැනීමට එහි නිලධාරීන් සමත් වී තිබෙනවා.
කස්ට්රෝ බන්ධනාගාරයෙන් පැන යාමටයි මෙලෙස උමගක් තනා ඇත්තේ. එය මීටර් එකසිය අසූවක දිගින් යුක්ත වන බව බලධාරීන් සදහන් කරනවා. උමගේ කැණීම් කටයුතු සදහා සහභාගී වූ සියලු දෙනාම හදුනාගෙන ඇති අතර ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වීමේ වරදට බන්ධනාගාරගත වූවන්. එම උමගේ පිටවීමේ කෙළවර බන්ධනාගාරය අසළ ඉදි කර ඇති පෞද්ගලික නිවසකින් අවසන් වන බවද සොයාගෙන තිබෙනවා.