අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද උද්ඝෝෂණයක නිරත වුණා. සෞඛ්‍ය නීති ද උල්ලංඝනය කරමින් ඔවුන් බලහත්කාරයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ භූමියට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දහවල් මෙම උද්ඝෝෂණය පැවැත්වීමට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කටයුතු කරමින් තිබුණා. බලහත්කාරයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ භූමියට ඇතුළු වීමට ඔවුන් උත්සාහ ගත්තද පොලීසියෙන් ඊට අවසර ලැබුණේ නැහැ. එහිදී පොලිසිය සහ සිසුන් අතර උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තා. කොරෝනා වසංගත ව්‍යාප්තිය මැඩලීම සදහා පනවා ඇති සෞඛ්‍ය නීති රීති කිසිවක් අනුගමනය නොකරමින් සිසුන් කටයුතු කරන ආකාරය දැක ගැනීමට ලැබුණා. පොලීසිය සිසුන් පාලනය කිරීමට කටයුතු කළ අතර පස්දෙනෙකුට පමණක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දුන් බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/LW90j67gH00″]