ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ දඹුල්ල පල්ලේපොල නිවාස අහිමි පවුල් සදහා නව නිවාස ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
අලුතින් ඉදිකළ නව නිවාස අඩු ආදායම්ලාභී පවුල් සදහා ලබාදීම අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නව නිවාස සදහා මුල් ගල් තැබීම ද මෙහිදී සිදු කෙරුණු බවයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් සභා අමාත්‍යංශය නිවේදනය කළේ. මෙම වැඩසටහන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුලු දේශපාලන නියෝජිතයන්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක වුණා.