මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය තවදුරටත් දුර්වල වී දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. යාපනය,මුලතිව් මන්නාරම ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේ ස්ථාන කිහිපයක වැසි ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීඨර් 30 ත් 40 ත් අතර වනවා. මේ අතර යාපනය දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් මතුව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. යාපනය නල්ලූර්,ඩෙල්ෆ්, කයිට්ස් , පේදුරුතුඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව පීඩාවට පත්ව සිටිනවා. එම ජනතාවට සහන සැලසීම සදහා නාවික හමුදාව සහාය ලබාදී තිබෙනවා. යාපනය පුංකුඩුතිව් දූපතේ සිර වී සිටි දෙසීයකට ආසන්න පිරිසක් ආරක්ෂිත කදවුරු 04 ක් වෙත රැගෙන ඒමට නාවික හමුදාව පියවර ගත්තා.