fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට මත්ස්‍ය සම්පත වෙනත් රටවලට නීති විරෝධි ලෙස රැගෙන යාම‌ට ඉඩ නොතබන බව අගමැති කියයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2020 18:07

මෙරට මත්ස්‍ය සම්පත වෙනත් රටවලට නීති විරෝධි ලෙස රැගෙන යාම‌ට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

රැකව සහ මාවැල්ල ධීවර නැංගුරම් පොළවල ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද එක් වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. රුපියල් මිලියන 380ක වියදමින් මාස දොළහක කාලයක් ඇතුළත ව්‍යාපෘතියේ වැඩ නිම කිරීමට නියමිතයි. කලමැටිය ධීවර වරායේ දී ගිනිගෙන විනාශ වූ ධීවර යාත්‍රා සඳහා අලුතින් ධීවර යාත්‍රා 26ක් සහ ධීවර ආම්පන්න ලබා දීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ධීවර ජනතාව‌ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳ සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා මෙරට මුහුදු සීමාව ආරක්ෂා කර ගනිමින් ධීවර කර්මාන්තය ඔස්සේ විදේශ මුදල් රටට ගෙන ඒමට ද කටයුතු කරන බව පැවසුවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2020 18:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්