හෙළයේ මහා ගාන්ධර්වයා වූ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේවයන්ගේ 93 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.
උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්ෂේත්රය පෝෂණය කළ ඩබ්ලිව්. ඩී අමරදේවයන් මෙරට සංගීත ක්ෂේත්රයට අමිල මෙහෙයක් ඉටු කළා. ගීත දහස් ගණනක් ගායනයෙන් හා සංගීතයෙන් ජන හදවත් විචිත්රවත් කළ මෙම ගාන්ධර්වයා දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබුවා. 1927 වසරේ දෙසැම්බර් 05 වනදා මොරටුවේදී උපත ලැබූ ඩබ්ලිව්.ඩී. අමරදේවයන් 2016 වසරේ නොවැම්බර් 03 වනදා අභාවප්රාප්ත වන විට 88 වන වියෙහි පසු වුණා.
ඒ මහතාගේ 93 වන ජන්මදිනය වෙනුවෙන් සැකසුණ විශේෂ වැඩසටහනක් හෙට රාත්රී 10 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.