ඇප මුදල් ගෙවා ගැනීමට නොහැකි සිරකරුවන් 8000ක් ලබන 31 වනදා වන විට නිදහස් කිරීමට පියවර
Related Articles
ඇප මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරවල සිටින සිර කරුවන් 8000ක් ලබන 31 වනදා වන විට නිදහස් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කළා. ඒ වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.
වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එහි වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු සොයා බැලුවා. පවත්නා ගැටලු පිලිබද නිලධාරීන් සමඟ කරුණු සාකච්ඡා කිරීමටද රාජ්‍ය අමාත්‍යවරයා පියවර ගත්තා.