බුරවි දිවයිනෙන් පිටත්ව ගිය ද එහි වක්‍ර බලපෑම තවදුරටත්
Related Articles
බුරවි සුළි කුණාටුව දිවයිනෙන් පිටත්ව ගිය ද එහි වක්‍ර බලපෑම තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් උතුරු , නැගෙනහිර ප්‍රදේශවලට ඕනෑම විටෙක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ. මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මෙ බව ප්‍රකාශ කළා.