අනුරාධපුර පූජා භූමි සංවර්ධන මහ සැළැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණා. මෙම ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 450 ක්.
ඓතිහාසික අනුරාධපුර නගරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස ආගමික වතාවත්වල නිරත වුණා. ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරි නිවාස නාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබාගත්තා. රුවන්වැලි සෑ රජමහා විහාරාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා සුහද පිළිසදරක ද නිරත වුණා. රුවන්වැලි මහ සෑ රදුන් අභියස ආගමික වතාවත්වල නිරත වූ රාජපක්ෂ මැතිතුමා අනුරාධපුර පූජාභූමි සංවර්ධන මහ සැළැස්ම විමර්ශනය කළා. කලාප තුනක් යටතේ ව්‍යාපෘති 28 ක් ලෙස සංවර්ධන සැළැස්ම ක්‍රියාවට නැංවෙනවා. ඉදිකිරීම් 2024 දෙසැම්බර් මාසයට පෙර අවසන් කිරීමට නියමිතයි. මෙම සංවර්ධන සැළසුම පිළිබඳ සාකච්ඡාවක් ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.