2021 වර්ෂය දරුණුතම මානුෂීය අර්බුදකාරී වසරක් වනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. 75 වසරක තම සංවිධාන ඉතිහාසය තුළ මුහුණ පෑමට සිදුවන දරුණුතම ව්‍යවසනය මෙය විය හැකි බව ඔවුන් පවසනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල විශේෂ සැසි වාරය තුළ දී මේ බව අවධාරණය කර තිබෙනවා. වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ආර්ථිකමය , මානුෂීය සහ සාමාජීය වශයෙන් මුහුණ පා ඇති අර්බුද හමුවේ මානුෂීය ආධාර අවශ්‍ය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 40%කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.
ලොව දිළිඳු රටවල් රැසකට දරුණු සාගතයකට මුහුණ දීමට සිදුවනු ඇති බවට ද ඔවුන් අනතුරු අඟවනවා. ධනවත් රටවල් කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීමේදී දුප්පත් රටවල් පාගා නොදැමිය යුතු බවට එම සංවිධානය අවධාරණය කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් ද ඉල්ලා සිටින්නේ කොවිඩ් 19 එන්නත ධනවත් රටවලට මෙන්ම දිළිඳු රටවලට ද එක හා සමානව බෙදා දිය යුතු බවයි. ලෝක එන්නත් බෙදා හැරීමේ වැඩසටහනට ඩොලර් බිලියන 4.3ක් අවශ්‍ය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.