මොරටුව එගොඩඋයන ප්රදේශයේදී එකම පවුලේ දැරියන් දෙදෙනෙකු මරු කැදවමින් මවට බරපතල තුවාල සිදු කළ යතුරුපැදිකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අනතුර සිදු වුණේ ඊයේ (04) රාත්රියේයි.
එගොඩඋයන නව ගාලු මාර්ගයේ පදික මාරුවේදි මව සහ දැරියන් දෙදෙනා යතුරු පැදියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. මිය ගිය දැරියන් දෙදෙනා වයස අවුරුද්දක් හා අවුරුදු හතක් වන අතර ගැබිණියක් වන මව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටිනවා. මව දරුවන් දෙදෙනා ද සමග පදික මාරුවෙන් ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් පැමිණි යතුරු පැදියේ ගැටී දැරියන් දෙදෙනා මීටර් විස්සක් පමණ දුරට ඇදී ගොස් තිබෙනවා.
විසි හැවිරිදි යතුරුපැදිකරු මීට පෙර අධික වේගයෙන් තරගයට යතුරු පැදිය ධාවනය කිරීමේ වරදට අධිකරණයෙන් රුපියල් පහලොස් දහසක දඩ මුදලක් ගෙවීමට නියම කළ අයෙකු වනවා.