මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන්හි සිරව සිටි තවත් 269 දෙනෙකු අද (05) අලුයම දිවයිනට පැමිණියා. අබුඩාබි සිට 101 දෙනෙක්, ඩුබායි සිට 76 දෙනෙක්, දෝහා සිට 47 දෙනෙකු සහ ඉන්දියාවේ චෙන්නායි සිට 45 දෙනෙකු පැමිණි බවයි ගුවන් තොටුපොල අප වාර්තාකරු සදහන් කළේ.
ඔවුන් ගුවන් තොටුපොලේදීම පී සී ආර් පරික්ෂාවට ලක්කිරිමෙන් පසු නිරෝධායන කටයුතු සදහා යොමුකිරිමටයි පියවර ගත්තේ.
ලබන සතියේ සිට මෙසේ රැගෙන එන පිරිස වැඩිකරන බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්දු සිල්වා මහතා පවසන්නේ.