කළම්බු ඩොක්යාඩ් පීඑල්සි (Colombo Dockyard PLC) ආයතනය ප්‍රංශයේ ඔරේන්ජ් මරීන් ආයතනය (Orange Marine) වෙත ගැඹුරු මුහුදේ සන්නිවේදන හා විදුලි රැහැන් එළීම හා අලුත්වැඩියා කිරීම (Cable Laying and Repair Vessel) සඳහා භාවිතා කරනු ලබන අති නවීන තාක්ෂණයෙන් යුක්ත යාත්‍රාවක් නිෂ්පාදනය කිරීමට ගිවිසුම් ගත ව තිබෙනවා.
ප්‍රංශයේ ඇති ඔරේන්ජ් මරීන් ආයතනය අන්තර් මහද්වීපික හා කලාපීය විදුලි සන්නිවේදන සමිබන්ධතා ඇති කිරීමේ කටයුතු සිදු කරන ගෝලීයව හදුනාගත් ප්‍රමුඛතම පෙළේ ආයතනයක් වෙයි.
මෙම ගිවිසුම ඔරේන්ජ් මරීන් ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිළධාරි ඩිඩියර් ඩිලාඩ් මහතා අත්සන් තැබූ අතර ඩොක්යාඩ් ආයතනය වෙනුවෙන් කළමනාකාර අධ්‍යක්ෂක, ප්‍රධාන විධායක නිළධාරී ඩී වී අබේසිංහ මහතා අත්සන් තැබුවා.
ඩොක්යාඞ් ආයතනය නියෝජනය කරමින් සභාපති එචි තනකා මහතා, අධ්‍යක්ෂක කේ. කනයා මහතා, විකල්ප අධ්‍යක්ෂක එස්. අසයි මහතා හා ජ්‍යෙෂ්ඨ කළමනාකාර මහතුන් සහභාගී වුණා.
දිගින් මීටර් 100 යුක්ත වන මෙම යාත්‍රාව ටොන් 1800 ක ධාරිතාවයකින් (1800 DWT) සමන්විතයි. පැයට මුහුදු සැතපුම් 14.5 ක වේගයෙන් මෙයට ගමන් කළ හැකිය. එමෙන්ම 76ක කාර්යමණ්ඩලයක් සඳහා මෙම යාත්‍රාව තුළ සියලු පහසුකම් සමන්විත වෙයි.
මෙම යාත්‍රාවේ මූලික සැලැස්ම සහ නිෂ්පාදන ආකෘතිය නෝර්වේහි VARD සැළසුම් ආයතනය මගින් සපයන අතර Bureau Veritas ආයතනය මෙහි නිමැවුම ශ්‍රේණිගත කිරීමත් ප්‍රංශ ධජ පරිපාලනය යටතේ නිර්මාණය හා නිෂ්පාදනය සිදු කිරීමට නියමිතයි.
මෙම නෞකාව පරිසර හිතකාමී ලෙස නිර්මාණය කර ඇති අතර මෙහි යන්ත්‍රෝපකරණ තෝරාගැනීමද පරිසර හිතකාමී වන ආකාරයට හා පාරිසරික බලපෑම අවම වන ලෙස නිෂ්පාදනය සිදු කිරීමට නියමිතය.
මෙම විශේෂ අවස්ථාව සාර්ථක කිරීම සදහා මෙම ගෝලීය වසංගතය අතරේ වුවද ඩොක්යාඩි ආයතනයෙන් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් කණ්ඩායමක් ප්‍රංශයට යැවීමට ශී‍්‍ර ලංකා ජනාධිපති තුමන්, ශී‍්‍ර ලංකා ප්‍රංශ තානාපති තුමන්, ගුදම් පහසුකම්, බහාලූම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තුමන්, ශී‍්‍ර ලංකා විදේශ අමාත්‍යංශය, ප්‍රංශයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය, ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය ද සහය වී තිබෙනවා.
ඩොක්යාඞ් ආයතනය 2019 වර්ෂයේදී සන්නිවේදන හා විදුලි රැහැන් එළීමට භාවිතා කරනු ලබන නෞකාවක් ජපානයට නිෂ්පාදනය කර භාර දෙනු ලැබූ අතර ආයතනයේ ආක්‍රමණශීලී අලෙවිකරණ උත්සහයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් යුරෝපයේ ආයතනයක් සමග කරනු ලබන දෙවන නිෂ්පාදන ව්‍යාපෘතිය ලෙස මෙය
හැදින්විය හැකිය.
කළම්බු ඩොක්යාඩ් පීඑල්සි ආයතනය ජපානයේ ඔනොමිචි සමාගම සමග එක්ව කටයුතු කරන අතර ආයතනයේ 51% හිමිකාරිත්වයක් ඔනොමිචි සමාගම සතු අතර 35% හිමිකාරිත්වයක් ශී‍්‍ර ලංකා රාජ්‍ය ආයතන සතු වේ.
ශ්‍රී ලංකාවේ නැව් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන කළම්බු ඩොක්යාඩ් පීඑල්සි ආයතනයේ විශිෂ්ටත්වය විදහා දක්වමින් ජාතික හා අන්තර්ජාතික නිෂ්පාදන ගිවිසුම් ඇතිකර ගැනීමට සමත් වි ඇත. මෙරට කාර්මීකරණය සඳහා ප්රමුඛ දායකත්වයක් ලබා දෙන හා යාත්‍රා නිෂ්පාදන කර්මාන්තය
තුල ජාතික අපනයන උපාය මාර්ගය හට ප්‍රමුඛතම දායකත්වයක් සපයන ආයතනයක් ලෙස කළම්බු ඩොක්යාඩ් පීඑල්සි ආයතනය හැදින්විය හැකිය.