සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ ඉඩම් හිමිකම් ඔප්පු නොමැති තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 116 ක් සදහා ඉඩම් ඔප්පු ප්රදානය රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
ඉඩම් ගැටලු සියල්ල විසදමින් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ විධිමත් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනතා අවශ්‍යතා මත ලබාදිය හැකි සියලු ඉඩම් ඔප්පු කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.