පේරු රාජ්‍යයේ ගොවි උද්ඝෝෂණ ඉහළ ගොස් තිබෙනවා.
ගොවි වැටුප් ඉහළ නංවන ලෙස ඉල්ලා ආරම්භ කළ උද්ඝෝෂණවලදී එරට පොලිසිය හා උද්ඝෝෂකයින් අතර ගැටුම් ඇතිවුණා. එහිදී එක් පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි එරට වාර්තා සදහන් කළේ.
දින 4 ක් පුරා පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් ගොවි නිශ්පාදන සහිත ට්‍රක් රථ විශාල සංඛ්‍යාවක් ස්ථාන රැසක සිරවී ඇති බවද වාර්තා වනවා. පේරු රාජ්‍ය ප්‍රධාන වශයෙන් බෙරිවර්ග, මිදි සහ අලිගැටපේර වගා කෙරන අතර ඒවා විදෙස් රාජ්‍යයන්ට අපනයනය කිරීම සිදුවනවා.