fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට කඩුලු 5ක ජයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2020 11:33

ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල වයිකින්ග්ස් හා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර ඊයේ (03) රාත්‍රී පැවති තරගයෙන් කඩුලු පහක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ කැන්ඩි ටස්කස් ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 156 ක් ලබා ගත්තා. රහමුනුල්ලා ගුරුබාස් ලකුණු 15කට දැවී ගියා. නායක කුසල් ජනිත් පෙරේරා පන්දු 34 කදී ලකුණු 44 ක් ඉනිමට එක් කළා. කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 55 ක් ඉනිමට එක් කළේ පන්දු 45කදීයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල දැවී ගියේ කණඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 4 ක්ව තිබියදී. ප්‍රහාරාත්මක ඉනිමක් තරග කළ ඇන්ජලෝ පෙරේරා පන්දු 49 කදී ලකුණු 67 ක් ලබා ගත්තා. දසුන් ශානක ලකුණු 33 යි. කඩුලු පහක් පමණක් දැවී වයිකින්ස් ක්‍රීඩකයන් ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2020 11:33

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්